Terms and Conditions / නියමයන් සහ කොන්දේසි
Laptop Service Terms and Conditions
Repairs will only proceed after customer provides verbal or written consent.
පාරිභෝගිකයාගේ වාචික හෝ ලිඛිත අනුමැතිය ලැබීමෙන් පසු පමණක් අලුත්වැඩියා කටයුතු ආරම්භ වේ.
If additional issues are discovered during repair, you will be contacted immediately with updated estimate and recommendations.
අලුත්වැඩියා කටයුතු අතරතුර අමතර ගැටළු හමුවීනම්, නව ඇස්තමේන්තු සහ නිර්දේශ සමඟ ඔබව වහාම දැනුවත් කරනු ඇත.
By submitting your laptop for repair, you authorize us to perform necessary repairs based on the initial diagnosis.
ඔබේ ලැප්ටොප්ය අලුත්වැඩියා සඳහා භාරදීමෙන් පූර්ව තර්කනය මත අවශ්‍ය අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට ඔබ අපට අවසර දේ.
If the issue cannot be resolved (e.g., severe motherboard damage), we will inform you of the findings and suggest possible alternatives, including replacement options.
ගැටළුව විසඳිය නොහැකි වුවහොත් (උදාහරණයක් ලෙස, බරපතළ මදර්බෝඩ් හානියක්), අප විසින් ඔබව දැනුවත් කරමින්, මාරු කිරීම් ඇතුළු විකල්ප ලබා දෙනු ඇත.
Customers are responsible for backing up their data.
ඔබේ දත්ත උපස්ථ කිරීමේ වගකීම පාරිභෝගිකයාටම හිමි වේ.
The Laptop Expert Pvt Ltd is not liable for data loss during repair.
අලුත්වැඩියා කටයුතු අතරතුර සිදුවිය හැකි දත්ත අලාභය සඳහා The Laptop Expert Pvt Ltd වගකියනු නොලැබේ.
Repairs may come with a limited warranty (30–90 days) on parts and labor.
අලුත්වැඩියා සඳහා කොටස් සහ කම්කරු සේවාව සඳහා දින 30 සිට 90 දක්වා සීමිත වගකීමක් හිමිවිය හැක.
Physical damage or liquid spills after repair void the warranty.
අලුත්වැඩියාවෙන් පසු සිදුවිය හැකි භෞතික හානි හෝ දියර වැළීමකින් වගකීම අහෝසි වේ.
Software issues, viruses, and customer-inflicted damage after repair are not covered under any repair warranty.
අලුත්වැඩියාවෙන් පසු ඇතිවන මෘදුකාංග ගැටළු, වෛරස් ආසාදන හෝ පාරිභෝගිකයා විසින් සිදු කරන ලද හානි කිසිඳු වගකීමක් යටතේ ආවරණය නොවේ.
Full payment is due upon completion of repairs.
අලුත්වැඩියා අවසන් වූ පසු සම්පූර්ණ ගෙවීම අවශ්‍ය වේ.
Devices will not be released until payment is made in full.
සම්පූර්ණ ගෙවීම සිදු නොකෙරෙන තුරු උපාංගය භාර දිය නොහැක.
Devices not collected within 30 days of repair completion may incur storage fees or be considered abandoned.
අලුත්වැඩියා අවසන් වූ දින සිට දින 30ක් ඇතුළත උපාංගය ලබා නොගන්නා විට ගබඩා ගාස්තු අය කළ හැකියි හෝ එය අත්හැර දැමූ බවට සළකා බලා හැක.
Repair times and costs depend on the availability of replacement parts.
අලුත්වැඩියා කාලය සහ වියදම්, අවශ්‍ය කොටස් ලබාගත හැකියාව මත පදනම් වේ.
In some cases, parts may need to be ordered, which may extend the repair timeline.
තවත් අවස්ථාවලදී කොටස් ඇණවුම් කළ යුතු විය හැකි අතර එය කාලය දිගු විය හැක.
Timeframes vary based on the issue and parts availability.
කාලසීමාව ගැටලුව සහ කොටස් වල ලබාගැනීම මත වෙනස් විය හැක.
When a laptop is brought in with a "no power" issue, we are unable to assess the functionality of other components such as the keyboard, display, battery, or internal hardware until the device is powered on.
"බලය නැත" යන ගැටළුවක් සහිතව ලැප්ටොප්යක් අපට භාරදෙන විට, එහි විදුලි බලය නැතිවීම හේතුවෙන් තිරය, යතුරුපුවරුව, බැටරිය හෝ ඇතුළත කොටස් පරීක්ෂා කිරීම අපහසු වේ.
Our first step is to restore power to the laptop.
අපගේ පළමු පියවර වන්නේ උපාංගයට විදුලි බලය ලබා දීමයි.
Once the laptop is operational, we will conduct a thorough diagnostic to evaluate the condition of all other components.
ලැප්ටොප්ය ක්‍රියාත්මක වූ පසු, අනෙකුත් සියලුම කොටස් පිළිබඳ සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.
If any additional issues are identified, we will inform you and provide recommendations for further repairs.
අමතර ගැටළු හඳුනාගත් විට, ඔබව දැනුවත් කර අමතර අලුත්වැඩියා සඳහා නිර්දේශ ලබා දෙනු ඇත.
When your laptop is repaired (especially if it involves chip replacement or BIOS changes), BitLocker encryption may be activated.
ඔබේ ලැප්ටොප්ය අලුත්වැඩියා කිරීමේදී (විශේෂයෙන් chip replacement හෝ BIOS වෙනස්කම් සිදු කරන විට) BitLocker කේතනය සක්‍රීය විය හැක.
If this happens, you'll need your BitLocker recovery key to access your data.
මෙවැනි අවස්ථාවකදී ඔබේ දත්ත වෙත ප්‍රවේශ වීමට ඔබට BitLocker recovery key එක අවශ්‍ය වේ.
Without the BitLocker key, the data cannot be recovered.
ඔබේ recovery key එක නොමැතිනම්, දත්ත නැවත ලබා ගැනීමට නොහැක.
Your Responsibility: Keep your BitLocker recovery key safe before bringing your laptop in.
ඔබේ වගකීම: ලැප්ටොප්ය ලබාදීමට පෙර BitLocker recovery key එක ආරක්ෂා කර තබා ගන්න.
If you lose the recovery key, data loss may occur.
ඔබ recovery key එක අමතක කළහොත්, දත්ත අලාභයට ලක් විය හැක.
The Laptop Expert Pvt Ltd. is not responsible for any data loss due to BitLocker encryption issues.
BitLocker සම්බන්ධ ගැටළු හේතුවෙන් සිදුවන දත්ත අලාභයට The Laptop Expert Pvt Ltd වගකියනු නොලැබේ.
Please ensure the key is backed up securely.
කරුණාකර recovery key එක ආරක්ෂිතව උපස්ථ කර තබා ගන්න.